
ඒ මෙන් ම පුවත්පත ප‍්‍රවෘත්ති බෙදා හරින මෙවලමකි.එය දැනුම බෙදා හරින
මධ්‍යස්ථානයක් ද වෙයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උපාංගයක්, සමාජ සේවා/ ප‍්‍රජා සේවා ආයතනයක්, ප‍්‍රචාරක ඒකකයක් වශයෙන් ද එය හැඳින්විය හැකි ය.එය පොදුවේ සමාජ
සංවර්ධනය සඳහා කැපවුණු ආයතනයකි.එසේ වතුදු පුවත්පතට ප‍්‍රායෝගික ස්වරූපයක් ද තිබෙන
බව සැලකිය යුතු ය.මේ සියලූ ම කරුණුවලින් පෙනී යන්නේ පුවත්පත බහු කාර්ය මෙවලමක් බව
යි. පුවත්පත් මුලධර්ම විමසිය යුත්තේ ඉහත කී පසුබිම මත ය.එම කරුණු පහත දැක්වෙන
මාතෘකා අනුව සාකච්ඡා වේ.
1. ප‍්‍රවෘත්තිමය බව
2. අපක්ෂපාති බව
3. ප‍්‍රජාතන්ත‍්‍රීය බව
4. සරල හා සංක්ෂිප්ත බව
5. විවිධ බව
6. සමාජාභිවෘද්ධී බව
7. දැන්වීම් ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වීම
8. ප‍්‍රචාරක ඒකකයක් වීම
9. නිර්මාණයට වේදිකාවක් වීම
10. සිත්ගන්නා සුළු බව
11. නිත්‍යානුකුල බව
12. නිර්භීත බව
13. වාරිකබව
සාමාන්‍ය පුවත්පතක ප‍්‍රධාන ම කාර්යය ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ය.
පුවත්පත සම්බන්ධ ව මෙ කී මුලික කාර්ය එහි බොහෝ කාරණා සමග සම්බන්ධ වේ.විද්‍යුත්
මාධ්‍යයක් පැවතිය ද, පුවත්පත තවමත් ශක්තිමත් තත්වයක පවතින
බව සැලකිය යුතු ය. ඕනෑම වෙලාවක කියවිය හැකි වීම, අධ්‍යයනය කළ හැකි වීම, පෙන්වීමට
හැකි වීම වැනි විශේෂ කරුණු නිසා පුවත්පතට ඒ තත්වය ලැබී තිබේ.
ප‍්‍රවෘත්ති විවිධාකාර වේ.දේශීය ප‍්‍රවෘත්ති, විදේශීය ප‍්‍රවෘත්ති වශයෙන් ප‍්‍රධාන කොටස්
දෙකක් ඇත.සිදු වු දේ, සිදුවීමට යන දේ යනුවෙන් ද කොටස්
කෙරේ.සිදුවිමක බලපෑම් ද ප‍්‍රවෘත්තිය යන්නට අඩංගු ය.එම බලපෑම ද කිසියම් ක‍්‍රියාදාමයක්
වන බැවිනි.ඍජු ප‍්‍රවෘත්ති මෙන් ම වක‍්‍ර ප‍්‍රවෘත්ති ද ඇත.එක එල්ලේ සිදුවීමක්
මෙන් ම විශේෂාංගයක් වශයෙන් එන, පුද්ගලයෙකුගේ හෝ ආයතගත වර්ධනයක්
(සිදුවීමක්) ද ප‍්‍රවෘත්තියකි.එම වර්ධනය හිතකර වර්ධනයක් හෝ අහිතකර වර්ධනයක් හෝ විය
හැකි ය.
ප‍්‍රවෘත්තියක වැදගත් ම ලක්ෂණය වන්නේ එහි සත්‍ය බවයි.සත්‍යයක් නොවන
කළ එහි ප‍්‍රවෘත්තියක් ද නැත.එහි ඇත්තේ ප‍්‍රබන්ධයකි.පුවත්පතක් ප‍්‍රවෘත්ති
ඉදිරිපත් කිරීමේ දී සැලකිය යුතු සමාජ නීතිමය කරුණු ද තිබේ.
පුවත්පතක් මුලික වශයෙන් ප‍්‍රවෘත්ති සඳහා කැපවිය යුතු මුත් ප‍්‍රවෘත්ති
පත‍්‍රයක ප‍්‍රවෘත්ති ඇත්තේ 20% තරම් ය. පුවත්පත් යන්නට වෙනත් කරුණු ද
අඩංගු බව එයින් පැහැදිලි වේ.
අපක්ෂපාති බව පුවත්පත් කලාවේ වැදගත් මුලධර්මයකි.එහෙත් අද ලෝකයේ
අනෙකුත් මාධ්‍යයන්හි මෙන් ම පුවත්පතෙහි ද අපක්ෂපාති බව ප‍්‍රශ්න කෙරේ.ප‍්‍රයෝගික ව
හැම පුවත්පතක ම පක්ෂපාති බව සැලකිය යුතු ය.එහෙත් මෙහි දී සැලකිය යුතු විශේෂ කරුණ
වන්නේ පක්ෂපාති බවෙහි ඇති ප‍්‍රමාණය යි.එය ඉහල මට්ටමක පවතී ද,මධ්‍යම මට්ටමක පවතී ද,අවම මට්ටමක පවතී ද යන්න විමසා බැලිය යුතු ය.එවැනි ස්ථාවරයක් ගත යුතුව
ඇත්තේ විවිධ හේතූන් නිසාත්, ප‍්‍රයෝගික ව පුවත්පත් බලපෑම්වලට
ලක්වීම සහ පක්ෂපාතී වීම සිදුවන හෙයිනි.
අපක්ෂපාතී නො වන පුවත්පත් සමාජයට බරපතල ලෙස හානිකර ය.සමාජය
පුවත්පත්වලින් බලාපොරොත්තු වන්නේ අපක්ෂපාතී ප‍්‍රවෘත්ති ය. ප‍්‍රවෘත්තියක් සත්‍ය ද
අසත්‍ය ද, පක්ෂපාතී ද අපක්ෂපාතී ද යන්න විමසීමට,දැන ගැනීමට පාඨකයාට හැකියාවක් ඇත්තේ ම නැති
තරම් ය.
එ මෙන් ම පුවත්පතකින් කරුණු දැන ගැනීමට මෙන් ම පුවත්පතකට කරුණු කීමට
ද ඉඩකඩ තිබීම අවශ්‍ය ය.කර්තෘට ලියුම්, සම්මුඛ
සාකච්චා, පුවත්පත වෙත තම අදහස් දැක්වීමට ඇති
අවස්ථා මේවා වේ.
පුවත්පතක් සරලවත්, සංක්ෂිප්තවත් සකස්වීම පුවත්පත් කලාවේ
ස්වභාවයකි. පුවත්පතක ඇත්තේ සීමාසහිත ඉඩකඩක් නිසා ඒ ඉඩකඩ ප‍්‍රවෘත්ති, දැන්වීම්, විශේෂාංග වශයෙන් වෙන් කිරීමට ඉඩ තිබේ.එහි ප‍්‍රතිඵලය වන්නේ හැම දෙයක්
ම සාරාංශ කොට සඳහන් කිරීමට සිදු වීම යි. දැන්වීම්වලට ද ඒ තත්වය පොදු ය.දැන්වීම්
සඳහා ගෙවන මුදලෙන් එහි සීමාසහිත බවක් ඇති වේ.
පුවත්පතක් විවිධ ක්ෂේත‍්‍රයන් පුරා පැතිර ගිය එකක් විය යුතු ය. එහි
මුලික ලක්ෂණය ප‍්‍රවෘත්තිගත බව සැබෑ ය.එහෙත් එය විවිධ සමාජ කොටස් සඳහා වැදගත්
බැවින් ද ආකර්ශනීය විය යුතු හෙයින් ද එය විවිධත්වයෙන් පුර්ණ විය යුතු ය.මෙම
විවිධත්වය අවසාන වශයෙන් පාඨකයාගේ ප‍්‍රයෝජනය සඳහා ය.
පුවත්පත පවතින්නේ සමාජ සුභ සිද්ධිය සඳහා ය.එය සමාජ මෙහෙවරක් ඉටු කරන
බව සඳහන් වන්නේ ඒ නිසා ය. පුවත්පතක සියලූම කටයුතු සමාජ අභිවෘද්ධිය සඳහා ම මෙහෙයවීම
අයිතිකරුවන්ගේත්, කර්තෘ මණ්ඩලයේත් වගකීම වේ.සමහර කරුණු
ගැන ලිවීමෙන් මෙන් ම සමහර කරුණු ගැන නො ලිවීමෙන් ද පුවත්පතක සමාජ දියුණුවට මග
පාදයි.
තව ද පුවත්පත ප‍්‍රචාරක මාධ්‍යයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.ප‍්‍රවෘත්ති
හෝ දැන්වීම් හෝ දැනුම බෙදාදෙන ලිපි හෝ මේ සියල්ලෙන් ම කෙරෙන්නේ කිසියම් ප‍්‍රචාරයකි.එහෙයින්
පුවත්පත ප‍්‍රචාරය ප‍්‍රධාන කරගෙන සකස්වී ඇති බව සැලකිය යුතු ය. පුවත්පත භාෂාව,
සිරස්තල, වර්ණ භාවිතය ආදිය ගැලපෙන අයුරින් සකස් වී තිබේ.
නිර්මාණ ක්ෂේත‍්‍රය සම්බන්ධ ව කටයුතු කිරීම නුතන පුවත්පත් මාධ්‍යයෙන්
අපේක්ෂිත කාර්යයකි.එහෙයින් පුවත්පත නිර්මාණ කාර්යය වර්ධනයට අත හිත දිය යුතු ය.
නිර්මාණය පළකිරීම, නිර්මාණය ප‍්‍රචාරයට ලක් කිරීම
පුවත්පත් මාධ්‍යයෙන් බලාපොරොත්තු වේ.
ඒ මෙන් ම පුවත්පතක නිර්භීත බව එහි ප‍්‍රධාන කර්තෘගේ නිර්භීත බව ම
වේ.මෙම එඩිතරකම හුදෙක් පත‍්‍ර අලෙවිය පිණිස වුවක් නො ව ප‍්‍රජාතන්ත‍්‍ර සමාජ ප‍්‍රගමනය
සඳහා වේ.කර්තෘට ශක්තියක් ලැබෙන්නේ එවැනි පදනමක් නිසාවෙනි.
පුවත්පත් රටේ පවත්නා නිතිය සැලකිල්ලට ගත යුතු ය.ඒ අනුව නීතිමය රාමුව
ඇතුලත කටයුතු කිරීම පුවත්පත් මාධ්‍යයෙන් බලාපොරොත්තු වේ.
පුවත්පත් සමාජය කළඹනසුළු හෝ සමාජ සංස්ථා දුර්වල කරනසුලූ හෝ කරුණු
පළකළ යුතු නොවේ.වාරික බව ද පුවත්පතක වැදගත් ලක්ෂණයක් වේ.දිනපතා උදේ, දිනපතා සවස, සති අන්ත, සති මැද ආදී වශයෙන් පුවත්පත් වාරික ව පල
කෙරේ. පුවත්පතක වාරික බව වැදගත් වන්නේ එහි අන්තර්ගතය සැකසීමට එය ප‍්‍රධාන කාර්යයක්
වන බැවිනි.
මේ අයුරින් බැලූ කල්හි පුවත්පතක අවශ්‍යතාවය සමාජයකට කෙතරම් ද යන්න හා
එහි ස්වභාවය ද මැනවින් දැකගත හැකි ය.
No comments:
Post a Comment