සන්නිවේදනයෙන්
තොර ව මානවයාගේ පැවැත්මක් නොමැති බව පැවසෙන්නේ සන්නිවේදනය
ඒ තරම් ම මානවය හා බැඳී පවතින නිසාවෙනි.තොරතුරු පිපාසයෙන් පෙලෙන මිනිසාට තම පවස
නිවාගනු වස් පුවත්පත විසින් කරනුයේ අතිමහත් සේවාවකි.රුපවාහිනිය, ගුවන්
විදුලිය, අන්තර්ජාලය වැනි කොතෙකුත් ජනමාධ්‍යයන් හා නුතන මාධ්‍යයන් බිහි
වුව ද මුල් කාලීන ව බිහි වු පුවත්පත මිනිස් ජිවිතයෙන් ඈත් කොට තබන්නට තවමත් නො
හැකි වී තිබේ.මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තුවන්නේ අපේ අසල්වැසි
රටවන ඉන්දියාවේ ජනප්‍රිය පුවත්පතක් ගැනයි.
ඉන්දියානු
ජනමාධ්‍ය දෙස බලූ කල්හි පෙනෙනුයේ ඉන්දියානුවන් තම දෛනික තොරතුරු දැනගනු වස්
පුවත්පත් මාධ්‍ය මිතුරෙකු සේ ඇසුරු කරන බව යි.ඉන්දියාව වැනි විශාල ප‍්‍රාන්තයන්ගෙන්
සමන්විත රටක ද පුවත්පතට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි.කාර්යබහුල ජිවිතයක් ගත කරන
ඔවුන්ගේ තොරතුරු පිපාසය සංසිඳුවීමට පුවත්පත ඉමහත් දායකත්වයක් සපයන බව අතීතයේ මෙන්
ම වර්තමානයේ දී ද මැනවින් දැකගත හැකිවනු ඇත.මතු කී කාරණය සාක්ෂාත් කරගනු වස් Deccan Chronicle පුවත්පත
මගින් සිදු කරනු ලබන සේවාව අගය කල යුතු ය.
ඉන්දීයනුවන්ගේ
දෛනික පුවත් දැනගැනීමේ කාර්යය සාක්ෂාත් කරනු වස් ඉමහත් දායකත්වයක් සපයනු ලබන ඉතා ප‍්‍රසිද්ධ
පුවත්පතක් ලෙස‘Deccan
Chronicle’ පුවත්පත පෙන්වාදිය හැකි ය.‘Deccan Chronicle’ඉන්දීය සමාජය තුළ ඉංග‍්‍රීසි භාෂාවෙන් දිනපතා පළවන
පුවත්පතකි.මෙ කී පුවත්පත විකාශයට පත් කරනු ලබන්නේ ඉන්දියාවේ හයිද්‍රබාද් හි පිහිටි
ඉතා ප‍්‍රසිද්ධ පුවත්පත් සමාගමක් වන හෝල්ඩින්ග්ස් ^Holdings&සමාගම
විසිනි. මෙම පුවත්පත තමිල්නාඩු, කර්ණාටක හා කේරල වශයෙන් අතිරේකයක් ප‍්‍රකාශයට පත් කරනු ලබයි.එම
අතිරේකයන් තුළින් ද සමාජයේ විශාල වූ තොරතුරු සම්භාරයක් මුදා හරින බව දැනගත හැකි ය. එ මෙන් ම ‘Sunday Chronicle’, ‘Hydhrabad Chronicle’,‘Bengali
Chronicle’, ‘Teen Chronicle’ ආදී වශයෙන් සතිපතා විශේෂාංග දDeccan Chronicle මගින් ප‍්‍රකාශයට
පත් කරනු ලබයි.
Deccan Chronicle පුවත්පත ප‍්‍රකාශයට
පත් කරනු ලබන හෝල්ඩින්ග්ස් ^Holdings&සමාගම 2002/12/16 දින
ඉන්දියානු රජය තුල ආන්ද්‍රා ප‍්‍රදේශයේ දී ස්ථාපිත කරන ලදී.එකී කාලයේ දී බොහෝ
ඉන්දියානු පාඨක පිරිස් Deccan Chronicle මගින් තම
දෛනික තොරතුරු සොයන්නට උත්සුක වී ඇති බවක් දක්නට ලැබේ. මෙම පුවත්පත 2004 කාල වකවානුව තුළ දී ඉන්දියානු
රුපියල් 30ක් වැනි
මුදලකට අලෙවි කල බව සඳහන් වේ. එ මගින් දැකගත හැකි වන්නේ ඉන්දියානු ජනයා අතර Deccan Chronicle පුවත්පත ප‍්‍රසිද්ධියට
පත් ව ඇති බව යි.
හෝල්ඩින්ග්ස්
සමාගම විසින් 2005 මාර්තු 8 වන දින සිට Deccan Chronicle ys හිි ‘චෙන්නායි
සංස්කරණය’ ද ඉදිරිපත් කර ඇත.2006 ජනවාරි සිට 2006 ජුනි මාසය අතර කාලය තුළ 295326ක් තරම් පිටපත් ප‍්‍රමාණයක්
චෙන්නායි සංස්කරණය තුලින් ප‍්‍රකාශයට පත් ව ඇති බව ඉන්දියාවේ පුවත්පත් සංස්කරණ හා
විගණන කාර්යාංශය මගින් ප‍්‍රකාශ කර ඇත.
එ මෙන් ම 2008 වසර වන විට Deccan Chronicle පුවත්පත
ඉන්දියාව තුල දී දිනකට පුවත්පත් මිලියනයකට අසන්න ප‍්‍රමාණයක් අලෙවි කර ඇති බව ද
දක්නට ලැබේ.මේ කාලය තුළ දී ම හෝල්ඩින්ග්ස් සමාගම විසින් Daily Chronicle පුවත්පත ද
නිකුත් කර ඇත.තව ද මෙකී කාලය තුළ දී ම බැංගලෝර් සංස්කරණය ද සිදු කර ඇත. Deccan Chronicle හි පාඨක ප‍්‍රජාව
මෙම කාලය තුළ වැඩි වීම හේතුවෙන් පුවත්පතෙහි මිල ඉහල යාමක් ද දක්නට ලැබේ.2010 වන ‘විටිකොයිම්බතූර්
සංස්කරණය’ ද සිදු වී ඇති බව දක්නට ලැබේ.2010 වසර වන විට Deccan Chronicle හි අලෙවිය වැඩි වීම හේතුවෙන්
හෝල්ඩින්ග්ස් සමාගම විසින් පුවත්පත් අලෙවිය මගින් විශාල මුදල් ප‍්‍රමාණයක් ඉපයූ බව
ද දැක ගත හැකි ය.
2011 වන විට දී
හෝල්ඩින්ග්ස් සමාගම විසින් එහි ඉදිරි පැවැත්ම උදෙසා පුර්ණ අනුබද්ධ ආයතන ඒකාබද්ධ
කිරීම සඳහා යෝජනා කර ඇත.මෙකී කර්තව්‍ය සාර්ථක කර ගැනීමෙහි ලා ඩෙකෑන් චාජර්ස්, ක්‍රීඩා වොන්ඩර්ස් සමාගම හා
ඔඩිසි සමාගම දායකත්වය සපයා ඇති බව ද දක්නට ලැබේ. 2012 වන විට දී හෝල්ඩින්ග්ස් සමාගම
විසින් එහි අතිරේක අධ්‍යක්ෂක වශයෙන් P සිද්ධාර්ථ නැමැත්තා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පත් කරනු ලැබ
ඇත.මේ කාලය තුල දී ඉන්දියාව තුළ දී ඉන්දියාව තුළ ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රකාශයට
පත් කරනු ලබන පුවත්පත් අතරින් Deccan Chronicle පුවත්පතට ප‍්‍රමුඛ ස්ථානයක් ලැබී
ඇති බැව් දක්නට ලැබේ.වර්තමානය වන විට එහි අලෙවිය හා හෝල්ඩින්ග්ස්
සමාගමේ දියුණුව දෙස බැලූ කල්හි යට කී කරුණු විශද වන ආකාරය දැකිය හැකි ය.ඉන්දියානු
පුවත්පත් පාඨකයන් අතර ප‍්‍රචලිත ව ඇති Deccan Chronicle පුවත්පත
වර්තමානය වන විට මුල්‍යමය වශයෙන් සාර්ථකත්වයට පත් ව ඇති පුවත්පතක් වශයෙන් පෙන්වා
දිය හැකි ය.විවිධ වු විශේෂාංග අතිරේකයන්ගෙන් සමන්විත මේ කී පුවත්පත තුළ අන්තර්ගත
විය යුතු සියලූම මුලධර්මයන් ගෙන් සපිරි පුවත්පතක් ලෙස පෙන්වා දිය හැකි අතර පාඨක
සිත් දිනා ඇති පුවත්පතක් වශයෙන් ද මෙය පෙන්වා දිය හැකි ය.

No comments:
Post a Comment